ක්‍රිස්තියානි ඔබගේ පුද්ගලීක අධ්‍යාත්මික ජීවිතය වර්ධණය කරගැනීම උදෙසා දේව වචනය අධ්‍යනය කිරීමට උපකාරවීම අප සේවයේ අරමුණයි.
දේව වචනය කෙරෙහි ඇති උනන්දුව මෙන්ම නිවැරදි අවබෝධය මත පමණක් ඇදහිලිවන්තයාගේ ආත්මික ජිවිතයේ වර්ධනයද රැඳී පවතියි. ඔබගේ ආත්මීක ජීවිතය වර්ධණය කරගැනීමට සහ එය ශක්තිමත්ව ගොඩනගා ගැනීමට මෙහි ඇති බයිබල් පාඩම්ද පිටුවහලක් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
දෙවියන්වහන්සේ ගේ වචනය අධ්‍යනය කිරීම තුලින් සහ දිනපතා යාච්ඥාවෙන් කාලය ගත කිරීම තුලින් ලැබෙන අශිර්වාදයේ පංගුකාරයෙක් ලෙසින් සාර්ථක ක්‍රිස්තු භක්තිකයෙකු ලෙසින් ජීවත්වීමට උපකාරිවීම පමණක් අප සේවයේ මෙන්ම මෙම වෙබ් අඩවියේද පරමාර්ථය බවත් දන්වා සිටින අතරම ඒවා ඔබගේ පුද්ගලික ජිවිතයට ආශිර්වාදය ගෙන දේවා යැයි අප අවංක සිතින් යාච්ඥා කරන්නෙමු.
* දේව වචනය දැනගැනීමට සිංහල බයිබලයක් ලබාගැනීමට කැමති නම් ඒ ගැන පහත සඳහන් ඊ-මේල් ලිපිණයට යොමුකරන මෙන් ඉල්ලා සිටිමු.*